අහිමි සෙනෙහස

අහිමි සෙනෙහස

එච්.පී චමින්ද ජයවර්ධන

ලතාවට සඳ මෝදු වෙන කොට.. අයාලේ ගිය රුදු වළාකුල.... වසා ගත්තත් දුකක් නෑ හිත.. නුඹත් ඒ වගෙ දැණෙන මොහොතට.... නිසල සුන්දර නීල අඹරම.. ගුගුර ගුගුරා හඬනු දැක්කම... මතක් වෙනවා මටත් නොදැනිම.. අපේ අමිහිරි පෙම් කතාවම..... හමන පවනට මුසු කලා මං .. තැවි තැවී හද ගැහෙන රාවය.... ඇවිත් දවසක කියයි කොඳුරා .. නොදැන හරි මට දුන්න ගින්දර ... තියාගත් තැන නුඹව හිත තුල... බර වැඩිව ඇති දුන්න සෙනෙහස .... කුමර බඹසර බිඳපු පාපෙට... ළතැවුණා හිත සොඳුරු හින්දම.... - චමී -
කවිය බලන්න