හිමි - අහිමි

හිමි - අහිමි

එච්.පී චමින්ද ජයවර්ධන

නෙතට හොරෙන් සිත්තම් කල කඳුළු සිතුවමේ.... පාට මැකී බොඳවී ගිය නමුදු සොඳුරියේ..... සරා සඳට කවි පදවැල් ලීව තෙළිතුඩේ.... නිමා වී වදන් පත් ඉරු ඇත නිසොල්මනේ ..... සඳ එලියට කුමුදු මලක් පිපෙනවා වැනී.... මියැදුනු කවි සිත පිබිදූ අයුරු අරුමෙකී.... අහිමි පෙමක් සඟවා දොරගුල් වැසූ හැටී.... සදා සරන්නද හැඟුමන් සඟවලා නිතී..... හිරු බැස ගිය සැඳෑ අහස රන්වන් පාටින්..... අනෝරාවකට මැදි වී හැඬු හැටි පුදුමයි .... සුපෙම්වත් හිතක දිනයක දොරගුළු වැසුනයි..... අහිමි සෙනෙහෙ සිහිවී අප සිත් යලි හැඬුවයි.... - චමී -
කවිය බලන්න