පැරදුම.

පැරදුම.

ලලනී ගීකියනගේ රත්නපුර

රිදෙන හදවත පිරිමදින්නට, සොයා හද ගැඹුරේ දුරින්...! පිපෙන මල් පරවෙලා වැටුනට, නටුව ගස හැර නොම ගොසින්..! සිතෙන සිතුවිලි කවි කලත් මදි, "අත්හැරීමයි " හදවතින්..! වැටෙන විට සිත, නැගිට ඉන්නට සවිය දිය යුතුවේ නිතින්..! ලොවක් සොඳුරුම රැයක් දල්වන , රුවන් එළි දැල්වෙන පැයේ...! දිනක් දිනකර සොරාගත්තද , පසු දිනට සඟවා දියේ..! දුකක් හදතුල රිදුම් පිටකර , සුසුම් හිර කරනා ලයේ..! ලොවක් ඒ බව නොදන්නාමුත්, "පහන් කණු යට එළි තියේ...".! ගතේ දැවටෙන සීත පිණිබිඳු ,විඳිණු රිසියෙන් ඉගිලිලා...! හිතේ හයියට නිලඹරේ තතු ,නොදැන අත්තටු රිදවලා.. ! සෙතේ කිමදැයි "කැට කිරිල්ලිය ,"පස් පිඩැල්ලක සැඟවිලා...! වෙතේ ගිජු ලිහිණින්ට පැරදුම ,තනිව හොට බිම පැටලිලා..!
කවිය බලන්න