සෙල් කවි

සෙල් කවි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

කුරවීක හෑල්ල හිම පියසක වැසි වැටෙනා ළයෙහී වන මැද නිරකුරුව ම වෙසෙමී තිම පිනි එළලා මිහි පස පෙඟිලා තුරු වැල් පීදුණු වන සරමී විම - නෙක සිරියයි හිමවත සෑදෙන මෙ ළයේ නිදහස නිති විඳිමී ‍නිම නොවනා රස පලවැල බුදිමින් හ`ඩ ගා සතුට ද සැමට දෙමී අඹතුරු අතරින්-පතර ඉදී ඇති අඹ මී අහරක් ලෙස ගනිමී අඹතලයේ හිරු දෙනෙත් අරින විට මම ද තටු ගසා අවදි වෙමී රඹ කැණ් ලෙස දිදුලන මී පිරි අඹ පලවල නෙක රස මම සොයමී බඹ-මහ මැව්වාදැයි මම නොදනිමි රස පිරි මී අඹ බැව් දනිමී කුස පිරි සතුටින නාද කරමි මම තැන-තැන වන සතුනට ගයමී ඇස-මුව-දෙසවන් අයා අසති සියොතුන්-මුව-ගව-සූකර-නරි-මී රැස උන්මත්තක වූවන් සේ මගෙ මිහිරි නදට වෙසෙසින් මත් වී වෙස රජයයි නිසසල ව සිටිනවුන් අසන විට දි හද තැන්පත් වී ඉමිහිරි නද මිස කෙඳිරිලි හ`ඩ නැති පැහැදිලි නාද රටා ගත්තේ සුමිහිරි නද පිරිසුදු ව ම දෙසවන් වෙතට හඹාවිත් මන ගත්තේ වෙණ සරි තත් බිඳ සරෙන්-සරට වන් ගී සිරියෙන් උන් හද ගත්තේ සුසර-විසිර නොවි අවිසරි ගුණයෙන් නිනද ව ගම්බිර බව ගත්තේ මගෙ නද පිළිබඳ ඇසුවෝ පෙර කල සිටියෝ දම් සෝ රජු සෙවනේ “වගෙ කවුරුන් හෝ ඇති ද ස්වාමිනි” ඇසුවේ රජුගෙන්, දේවිය නේ ඇගෙ පැනයට පිළිතුර ලෙස කිව්වේ “භගවත් සම්බුදුගේ” නම නේ “අගෙකොට මගෙ හඬ දෙවැනි ම වන්නේ බුදුන්ගෙ හඬට ම විතරයි නේ” අම මී රසින් තෙපුලා මත් කළ දෙසවන් ඉම ගායනා අසනට දිව ආ ගෝනුන් රම මද කිකිණි නොසලා ඇසුවයි සියොතුන් කිම රළ මීන නොපිහිනා සිටියේ සතුටින් පැනැ-පැනැ අතුපතර මුමුණන මහද රටා සැනැහෙනැ සඳ තුරුවැල් සෙලවෙමින් නටා තැනැ-තැනැ ගුමු නදින් මුමුණා ගොමුව වටා දැනැ-දැනැ සොයයි කියමින් මල් ළ`දුන් මටා වනයක සිරිය සරසන්නේ වට වනපති ඈ වන සතුන් පමණි ද නෙක-නෙක නාද අතර ඇසෙන දියවැල්-ඇළි බැඳි දිවි පමණි ද මගෙ හෑල්ල රජයන මුත් වන සියොත් කැළ කැරුම් පමණි ද මේ හැමගෙ ම ඝෝරනාඩු දැක මිහිළිය සැනැසෙන්නෙ ද ගැයුමට මිහිරි පද අමුණා රස කරමී මිහිරට රස උපද්දා නිරතුරු ගයමී කා හට ගති වෙමි ද උස් තැන මම හි`දිමී නුහුරට වඩා උරුමෙට මම ගරු කරමී! ***
කවිය බලන්න