සමුගෙන යන්න දැන් ඉතින්!

සමුගෙන යන්න දැන් ඉතින්!

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

පිනි වට රෝස මල් කැකුළු - ලස්සන වුණත් සුදු දුවේ නුඹේ ඔය රෝස දෙකොපුලට - කඳුළත් බර වැඩියි දුවේ පෙම්බර කුමරු අත අරන් - රැජිණිය වන්න ඒ ලොවේ යන සුභ නැකත දැන් ලඟයි - සතුටින් යන්න මගෙ දුවේ දෝතින් රැගෙන ආ දිනේ - නුඹ මගෙ ලයට ලංකරන් තනියට නැවතුණා ලඟින්- සිරිකත පැමිණ දෙව් ලොවින් කිරිකළ හත පෙවී නොමින් - ඉසදිය ගලා දෙපතුලින් පබවත විළිවැදී ගියා - දෙවඟන සදිසි නුඹ රුවින් නව නෑසියන් සෙනෙහසින් - කැන්දන් යාවි නුඹ අපෙන් කිරිකඩ සේල හිස තියන් - අම්මා හිඳී මා ලඟින් පතිකුල සිරිත රැක නිතින් - නිවසනු පතිනි මව් බෙලෙන් මගෙ ගෙළ පැළඳි අත් මුදා - සමුගෙන යන්න දැන් ඉතින්
කවිය බලන්න