අපෙ අම්ම ලෙඩ වෙලා !

අපෙ අම්ම ලෙඩ වෙලා !

ජයන්තා මිහින්දුකුලසූරිය

කුස්සියේ හැලි වළං හිටි තැනම ගොළු වෙලා දවස් ගාණකින් නෑ ලිපේ ගිනි මෙළවිලා! කොස් ගහේ කොළ වැටිල මුළු මිදුල හැඩි වෙලා වාරු නැති අප්පච්චි ලණු ඇඳේ ගුලිවෙලා ! රෙදි වැලේ වැනූ රෙදි මහ වැස්සෙ බත් වෙලා බුදු පාවෙන තෙල් නැතිව පාන් තිර අළු වෙලා ! ලේන් කූඩුවෙ පැටව් දුකින් ඇත මග බලා පැටවුනේ !බත් දුන්න අපෙ අම්ම ලෙඩ වෙලා !
කවිය බලන්න