නුඹ

නුඹ

පී.ජී. චතුෂි බුද්ධිකා ප්‍රේමසිරි

වැහි පියළි එක්ක තරඟෙට හිනාවෙන තොරතෝංචියක් නැති බස් පපුවට ම බර වෙච්ච බැල්මට මුළු හිත ම හිස්! බොර පාට ඇඟිලි අතරෙ පැටලිච්ච කෙටි අක් බඹරු කෙස් කොළ පාට කමිස අත් නම නමා ලස්සනද අහන නියොන් එළි ඇස්! සංවර ම බැල්මෙනුත් තිගස්සවන අසංවර ම වැහි වැටෙන දවස් කලුවරට දාව දඩබ්බරව මෝදු වුන නුඹ රතු පාට ඉර රැස්!
කවිය බලන්න