කාලයේ තාලයද...!

කාලයේ තාලයද...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

විස්වාසා පරමා ඥාතී කියලා අසා ඇතේ... ඉස්තරම්ම කියමනකී, එවන් ඈයො සුලබ නැතේ... නස්පැත්තිය ලඟාකරන්නෝ නම් වැඩි වෙලා සිතේ... දස්ට කරන්නේ නොදැනිම , උන්නු ගමන් සපා කතේ ... ඇති කල කිත් යසස් බොහෝ ගැවසෙයි කා එකම පතේ... නැති වුන විට ඒ සැමදේ ළඟින් ඉන්න කෙනෙක් නැතේ... පැතිරවන්නෙ යම් යම් දේ අනුකම්පා ලෙසිනි සිතේ... නිති පවතින කිසිත් නැතිලු , මිතුදම් මුත් වෙනස් වෙතේ... කාලෙට ගැලපෙනසේ අප වෙනස් වුනොත් හොඳා සිතේ... සාලෙට කැඳවා සලකනු , විඩාව යන තෙක්ම ගතේ... මාලෙට රන්, ලැබ ⁣දුන්නත් ඉමු සැමවිට දුරින් අතේ... සීලෙට ගරු කළයුතු මුත් නොරැවටෙන්න බලනු පුතේ...
කවිය බලන්න