සොඳුරියේ

සොඳුරියේ

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

අසනිය මල් පලස මතින් පෙම් කඳුළැලි මැකුණු නෙතින් මා හා අත් බැඳ ආ සුදු හංසිකාවියේ ඔය අත්තටු යට සඟවන් දෙවැනි මව් වෙලා මට දුන් සෙනෙහසේ පහස උණුසුම් සීත විල් දියේ.... දියෙන් කිරි මුදා පොවමින් පියෙන් පිය නැගූ රළු මග වැසී දුකඳුරින් තනිවුණු අමාවක රැයේ පෙම් ගිතෙල් පහණ නොනිවී දැල්වුණා ළයේ....... රිදුම් දෙන දෙපා වියපත් නැගේ මා ලඟින් තාමත් ඇවිද යමු සොඳුර අත් බැමි සිඳෙන තුරු භවේ පෙරුම් පිරු ලෙසින් හමුවෙමු යළිත් මතු භවේ....
කවිය බලන්න