Dandelion

Dandelion

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

ගිනිගත්ත හිරු පැහැය උරාගෙන ඇහැරිලා රොන් ගත්ත බිඟු නඩය එක්ක දොඩමළුවෙලා සිතගත්ත කොල පැහැය රැඳුණු පත් සනසලා තුටුවෙත්ය විඳ සුවය මඳනළට හිනැහිලා දවස අවසන පීත පැහැ හිමින් මැකෙනවා හඳක අසිරිය අරන් හිමි හිමින් සැලෙනවා ළඟම හිටි අය වුනත් නොදැකි සේ හිඳිනවා හෙටට එන පරපුරක බර නටුව දරනවා හමා යන සුළං රැල හා හාද වී සෙමින් කියා දුර ඈතටම සැවොම ගෙනියනු සොඳින් නිශාවක ගගන පිපි තාරකා මල් ලෙසින් මුදා හැර මල් නටුව යතිය අවසන් ගමන්
කවිය බලන්න