පද පෙරළි විරිදු

පද පෙරළි විරිදු

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

නෑනන්ඩිය බහ දෙන්නේ ළඟ ළඟ එන ඉල් මහේද ඒකෙන් පසු මගෙ දිවියට සුබ ආසිරි මල් ඉහේද ඉල් මහේද - මල් ඉහේද රහස් කතා කරන්න බෑ වටේම ඇත කන් රාසී යමක් වුණොත් බේරෙන්නට දෙන්න වේවි රන් කාසී කන් රාසී - රන් කාසී සැපට දුකට දෙකටම සිටි අගේ වඩන රතු වස්සා මිය ඇදුණා ආයෙත් නම් කරන්න බෑ වතු රස්සා රතු වස්සා - වතු රස්සා තෑගි ලෙසට දුන්නා මම නෑනන්ඩිට කහ සාරී අන්තිමේදි එයා වුණා ජීවිතයට සහකාරී කහ සාරී - සහ කාරී වැඩ කටයුතු සිද්ධ වුණේ හැමදාකම මේම තමා සුපුරුදු ලෙස දිවි ගෙවනෙමි සිත සතුටින් තාම මෙමා මේම තමා - තාම මෙමා ...
කවිය බලන්න