කවියාගේ බිරිඳ

කවියාගේ බිරිඳ

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

එළිසම විරිත එළිවැට රැක සැදුණේය අරුතැති මහරු හැඟුමන් සිත රැඳුණේය කවි පද මියුරු එකිනෙක පෙළ ගැසුණේය සිය පත රුවට පිපි හද විල දිලුණේය විසිතුරු තරු එළිය සඳ හැර ගිය රෑක සොඳුරුය ප්‍රේමයේ මැවු සිතුවම් නේක යුවලකි ඉසුරුමුණි, නෙත ළඟ ඇඳි දාක ඔහුමය කිවිඳු, ලද කවි ලොව අබිසේක ලියැවුණි කුරුටු ගී විඳ පෙම් දිය දහර පබැඳුණි රෑ දිවා මොහොතක් වී නතර සැඟවුණි ඔහුගෙ නෙත කරදහි පිටු අතර තනිවුණි ඇය නොදැන කොහි ඇගෙ හද මැදුර දැවටෙයි ගතෙහි දවසක මෙහෙයක වෙහෙස උරහිස කොහිද තබනට කකියන සිරස පෑගෙයි පයට ලියැවුණු පෙම් කවි නොලස බිරිඳයි ඔබෙ කිවිඳ, තනිවුණු මේ දිගැස
කවිය බලන්න