අමුතු   වීදිය

අමුතු වීදිය

අමිතා පද්මකුමාරි

එන්න කන්න කියමින් නැඟෙන රසමසුවුළු සුවඳ මවන කුසගිනි බොජුන්හල් විදුලි එළියෙන් දිලිසෙන සිනාසෙන කෙළි බඩු ද ඇඳුම් පැළඳුම් පිරුණු විසිතුරුය කඩ පේළි සුරලොවක් සේ සදිසි සෙනඟ ගැවසෙන වීදියේ දිරාගිය වැරැහැලි කෑලි වසාගත් කෙසඟ කය ගිනිගත් රළු පොළවේ තබා නිරුවත් දෙපා කුණු බක්කි අවුස්සන කුඩා දරුවෝ රැසක්
කවිය බලන්න