ඔබට රිසිසේ වහින්න මේඝය

ඔබට රිසිසේ වහින්න මේඝය

ආරියරත්න ජයසිංහ මහරගම

ඔබට රිසි සේ වහින්න මේඝය ගං හෝ උතුරා ඉවුරු බිඳෙන තුරු මහ වැව් පිරිලා වාං දමන තුරු වහින්න මේඝය වහින්න උස්ම උස් ගිනි කන්ද අප දවන කලින් කල අවදි වී යළි නිදන ගිනියම් කඳු හිස යටවී යන තුරු වහින්න මේඝය වහින්න උණුවුනු ලාවා ගල්වී යන තුරු යළි කෙදිනක හෝ දුම් නොදමන තුරු සදාකාලිකව කන්ද නිවෙන තුරු වහින්න මේඝය වහින්න මනු සත් සිත් ගිනි නිවිලා යන තුරු නොමිනිස් මනුසත මිනිසුන් වන තුරු වෛරය නොව ප්‍රේමය රජයන තුරු වහින්න මේඝය වහින්න. ඔබට රිසි සේ වහින්න.
කවිය බලන්න