සඳරැස් උතුරන විල් දිය මත්තේ ...

සඳරැස් උතුරන විල් දිය මත්තේ ...

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සඳරැස් උතුරන විල් දිය මත්තේ හිම කැට දිදුලන කාලය අස්සේ හිත පිරිමදිනා සිතුවම් මත්තේ පියමැන යමු අපි දේදුනු අහසේ වාන් දමන සිතුවිලි පසුපස්සේ දෝරේ ගලයි පැතුමන් හද මත්තේ දකිනා විට දුව පුතු රුව දෑසේ තව වෙන මොනවද මේ ලොව ඇත්තේ රූ මවනා නෙක තරු කැට බිස්සේ ඔබ හා මා නෙතු දැවටුණු මොහොතේ පහන් තරුව සිත රැදි ඉස්මත්තේ සුරැකිව එය අද මා ළග ඇත්තේ
කවිය බලන්න