සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සුනිල් වලා නව සඳ නිලුපුල් පලළු විමල් සක් ගිජිඳු කුඹු සිරිවැස බැබළු විපුල් පුලින රඹ සිකි ගල මුතු ළදළු ලකල් රණලියන් සරනා බල යහළු ඉතා නිල්වන් වලාකුළු වැනි කෙස් කලඹ ඇති, නව සඳහන් නළල ඇති, නිල මානෙල් වන් ඇස් ඇති, පබළු වැනි තොල් ඇති, කුරුළු පේළි වැනි දත් ඇති, සක්ගෙඩි වැනි ගෙල ඇති, වෙනවා ඇත්කුඹු වැනි පියයුරු ඇති, උඩැක්කි වැනි සිහිනිඟ ඇති, විශාල වැලිතලා වැනි උකුල ඇති, කෙසෙල් කඳන් වැනි වටොර ඇති, මොනර ගෙලවන් කොණ්ඩා ඇති, මුතු වැනි නිය ඇති. ළා දළු වැනි අතුල්, පතුල් ඇති සිත්කළු රන්වැල් බඳු අඟනුන් දෙස බලන් මිතුර.
කවිය බලන්න