මතක අමතක
තීන්ත ගැලවී
බිත්ති අවපැහැ වී ගියත්
පිපෙනවා ඉදිරිපස
තාම දම්පාට මල්
වතුර නැතුවත්
ඒ මල් කියන්නේ
නොමැකෙන බව
අපි ඇන්ද සිතුවම්
දකින්නට කෙනෙකු
ළඟක නැතුවත්
පැණි කුරුල්ලෝ
මල් පැණි බොන්න
එනවා ඇති
ගී අහන්නට
කෙනෙකු නැතුවත්
මීමැසි කැළට
අමතක වෙන්න
බැහැ නේද රොන්සුණු
මල්වල එදා තිබු
සුවඳ නැතුවත්
මාලිනී හෑගොඩ
2024 ජූලි මස 12 දින ඇමරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා හි දීය
කවිය බලන්න
