වළා රොදකට දුක කියන්නම්....!

වළා රොදකට දුක කියන්නම්....!

ලලනී ගීකියනගේ රත්නපුර

මදක් සෙනෙහස නොපෙන්වා දුන් , සෙනෙහසක වරුණේ....! හිතක් ගොළුකර සිරකලා ඒ , සුපෙම්වත් දසුනේ...! බිඳක් සුරැකිව තබා ගත්තත් , අයිති නැති විමනේ..!. ටිකක් මුණිවත රැඳීයන් , ඉටුවනා තුරු සිහිනේ....! කොතෙක් දොඩමළු උවත් ආගිය , ගමන් යලි විමසා..! ලතෙත් හදකට දුකත් උරුමයි , රිදුම් පිනි වරුසා...! පසක් කළ අනුරාග සිත් හල ,මුණිවතින් ඉවසා...! යලිත් එනතුරු මග බලන්නම් , මුහුල මල් ගවසා...! මුදු සරින් සිත් පතුල කැළඹූ , ගී නදින් මත්වී...! සඳ කැළුම් ඉහිරෙනා රැයකදි , සිනාවෙමු තොස්වී...! වලා රොදකට දුක කියන්නම් ,මදනලට එක්වී...! වෙලාගත් තනිකමයි පාළුව,දුකින් මුළුගැන්වී....! 2023.01.29
කවිය බලන්න