වෘන්දා වනපෙත

වෘන්දා වනපෙත

ආරියරත්න ජයසිංහ මහරගම

රාධා ක්‍රිෂ්ණා පෙම් ඕවිල්ලේ නැළැවූ වෘන්දා වනපෙත හරිත ලතා ළපලූ වස්දඬු රාවය රැව් දුන් ලිය ගොපලූ කොහිදෝ අද ඒ යොහොඹු ලතා මඬුලූ ගජ කුම් බිඳිනා තුඟු එකසර කෙසරූ සා මුව සේනා වග වලසුන්ගෙන් සපිරූ නීල වලා දැක පෙම් කෙළනා මොනරූ කොහිදෝ ඒ වෘන්දා වනපෙත සොඳුරූ විත් රුපු සෙන් අත් දරමින් අවි රුදුරූ බිම හෙලමින් නිල්පැහැ රුක්ගොමු මහරූ රුක් දෙවියන් ගිනි අවුලා සිත් පැහැරූ අරගෙන ගිහින් හොරු ඒ වනපෙත සොඳුරූ
කවිය බලන්න