අප්පච්චි .......

අප්පච්චි .......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කදුළු හංගන් හිත් කොනේ තාත්තලා ඇත සිව්කොනේ තුරුල්ලේ නැති වුණත් දරුවන් බැල්ම ඇත තවමත් හිතේ බැල්ම ඇත හැමදා හිතේ සූ විසි පැයේ වෙහෙසෙන අම්මලා ගෙදර සකසුරුවම් කලා දා බිංදු රැස නිති වගුරලා තාත්තලා බර පැන සොයා තාත්තලා ඇත වෙහෙසිලා සුමේ කරනා තුන්යමේ වින්ද දුක් නම් නිම් නැතේ අඩලා දොඩලා නොකිව්වට නිති නැතිද දන්නේ දරුවනේ නැහැනෙ දන්නේ දරුවනේ තුරුල්ලේ ඉදහිට හොවා සෙනෙහේ පානා අප්පලා හිතේ මහමෙර තරම් රැදි සෙනෙහෙ ගඟ නැත වියැකිලා තවම නැත එය වියැකිලා පිය සෙනේ නැත මතුවෙලා තාත්තලා ඇත සැඟවිලා කදුළු කැට නැත මතුවෙලා දුක දරයි සැප දුක දරා සැපද දුක සමබර කලා
කවිය බලන්න