මාලිනියේ...

මාලිනියේ...

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ආදර ගේය පැදි මුදු තනුවෙන් සුසැදි සුමියුරු හඬ නොබිඳි ඔබ ගැයුමන් ලබැඳි අයුක්තිය පිටු දැක ගනු පිණිස රට රැක ඇත ඔබේ ගැයුමක මුවහත පිහි තුඩක නිසසල එක් රැයෙක නිදිගැනුනු නුවරෙක පෙම බිඳි දුක් හදෙක ඔබෙ ගීය ඔසුවෙක සවන් මන බන්දා හදෙහි හඬ රන්දා ගයනු මැන නිබඳා මාලිනිය නන්දා
කවිය බලන්න