ගුරු නෙතින් කඳුළු නොවගුරුවමි..........

ගුරු නෙතින් කඳුළු නොවගුරුවමි..........

රංජිත් ද සිල්වා නවසීලන්තය

හිඟ වැටුප් අයැදිමින් - හිරු රැසින් පිලිස්සිමින් කුස ගින්නේ දැවෙමින් - යටිපතුල් රිදවමින් බැනර් පෝස්ටර් ඔසවාගෙන - ඇවිද එන පිරිස අතරේ දුටිමි ගුරු මවුපියන් - වියැකුනු මුහුණු ඇති අකුරු කියා දී - යහමග පෙන්වා - අපේ දෑස පෑදූ ඔවුනගේ දෑසින් කඳුළු වගුරුවන්නට කඳුළු උණ්ඩ ඔවුන් වෙත එල්ල කරන්නට අණක් ඇසුනත් දෙසවනට කෙසේනම් ඒ අණ පිලිපදින්නද? හොරුන්ට රජවෙන්නට ඉඩදී - ඉදිමුද තවත් කාලයක් දුක් දිදී 30 ඔක්තෝබර් 2023
කවිය බලන්න