මවක සෙනෙහස.....

මවක සෙනෙහස.....

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

මවා සෙනෙහස් දරා දස මස් නිමා නැති දරු පෙම්මා ගෙවා නෙක දුක් දරා සම සිත් ලොවක් එළි කර දුන්නා පවා දුක් හා සැපතෙදී අප සෙනෙහෙ මල් දම් රන්දා නසා බව දුක් ලබා සැනසුම් නිවන් පුර යයි අම්මා. පොවා ලේ කිරි වඩා දරුවන් සැනසුමයි ඈ ලබන්නේ දුකේදි දරු කැළගෙ හැම කල් ඇගේ නෙත් දිය පිරෙන්නේ දුක දිනා ජය ගන්න ලෝකය ඇගේ දිරියයි ලබන්නේ මවක වී අප සැමගෙ ලෝකයෙ පාරමී දම් පුරන්නේ. වසන්තය ගිම්හානයක් වී ඇගේ සවිබල බිඳේ නම් අනන්තයෙ රැඳි ඇගේ සෙනෙහස නිමක් වීලා මැකේ නම් ගතින් ගිලිහෙන මවක මහිමය ලොවින් ඈතට දිවේ නම් රුසිරු මල් වල සුවඳ සේ ඔබෙ මතකෙ සැමදා දකින්නම්.
කවිය බලන්න