විශ්‍රාමයට පසුවදනක්

විශ්‍රාමයට පසුවදනක්

ආරියරත්න ජයසිංහ මහරගම

එළැඹ ඇත සැට විය
හිස කෙස්ද හැර ගොස්ය හිස් කබල
ඉතිරි කෙස් ගස් ටික සුදුය
රැළි වැටුනු මුහුණේ
උපනෙත නළලතෙහිය.

ජවය අඩුමුත් මඳක්
වැඩ කළ හැකිය තවමත්
ගෝල බාලයින් හා සරිසරියේ.
සිත තවම තරුණය
සිතීමට හැක
හරි දෙයම.

පැළඳි මුත් උපනෙත්
පෙනේ හරි දේ
හරි ලෙසම.
සවිමත්ය අතැඟිලිද
ලිවීමට හරි දේම නොබියව.

එහෙත්
නුඹ දැන් මහළුය
විශ්‍රාම යා යුතුය
අණ කෙරෙයි.

කවිය බලන්න