පණ අදින ආදරය.

පණ අදින ආදරය.

ආරි ලියනගේ ඉතාලිය

මඟ හැර සැඟවෙන්න හැදුවත් නුඹ මගෙන්
සැඟවෙන්න බැහැ නුඹට කිසිදා මගෙ සිතෙන්
ලෙන්ගතු කමත් දියවී කාලෙට හොරෙන්
ඉදහිට සිහිනයක පෙනුනොත් ඇති ඉතින්.

ආදරෙයි පෙරසේම යලිත් මට කිව්වාට
නුඹ සිත දුවයි නොනැවති ලොවම වට
ඔට්ටපාලයක් වුනා හිත දුක වැඩිකමට
රිද්දන්න බැහැ ආයෙමත් කිසිදින නුඹට

ඉඟිලෙන්නෙ තවත් තරු සඳු අල්ලන්න
හිරු දෙසට නොයන් උණුසුම ඉල්ලන්න
ඉටි තට්ටු උණුවේවි අසරණවෙලා විඳවන්න
පණ ඇද්දත් ආදරේ ඕනේ නුඹ මට රැකගන්න.

කවිය බලන්න