මගෙ හිතම පෙරහැරක් මවනවා

මගෙ හිතම පෙරහැරක් මවනවා

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

දගකරන සද එළිය කිතිකවයි මගේ හිත
හිනාවක් දෙකොපොලේ දුවනවා
හිතේ හැංගුණු මතක සිතුම් වැල් පුබුදුවයි
මගෙ හිතම පෙරහැරක් මවනවා

හිමයාය පිස හමන හීත මදනල රොදක්
හෙමි හෙමින් ගත සිසිල ගෙනෙනවා
පොඩි කුඩේ තෙරපිලා මන්දාරම දිගේ
වැහිදාට හිත තාම දුවනවා

අද මගේ ලග නැතත් හිත් විලේ තොටමුණක
පිදුණු පෙම ආදරෙන් තියෙනවා
ලංවෙන්න බැරි දුරක පැතුම් මල් වැල් අතර
ඔබ ඈත තරුවක්ව මැවෙනවා
ඒත් හිත හදාගෙන ඉන්නවා

කවිය බලන්න