තෙවසරක් පිරි අතැර සඳ හිරු  - ජී.එම්.අජිත් කිවිසුරු

තෙවසරක් පිරි අතැර සඳ හිරු - ජී.එම්.අජිත් කිවිසුරු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සිතකය සමග බැදි.රැස් කවි සමුළු වියත් ශතකය වියැකුනත් එලෙසම තිබේ හෙටත් චිතකය ළග ඔබේ නෙත් පිරි කදුළු අජිත් මතකය සමග ඇත තෙවසක් ගෙවී ගියත් --- අත් බැදි බාල යව්වන වැඩිමහළු සැම සත් තයි ඔබේ දුටු වග ගුණ පරම අම සිත් නැති මිනිස්සුන් ඍණ දෑ කළත් තම ඇත් තට කිමැයි නොදුටුවෙ ඔබැ මිනිස්කම -- පැය විසිහතරෙ කවි මඩු මුල්වරට කළ සිය ශක්තියෙන් කවියට දුන් අමිල ඵල ගිය ගිය කොතැන මුත් කවි මිණි සෙලවු නිල දිය තම ඔබේ හදුනති කවි හඬෙහි බල --- වත ගොත එකතු කොට කවි කිවිදියන් රටේ අත කුරු පවා රැස් කොට අගනුවර කටේ ගත පණ තිබෙන තුරු වැඩකළ හතර වටේ මත කය සදා ඇත හදවත් ඉවුරු තොටේ -- කොතැනක කවුරු මිය ඇදුනත් කවි හැදුණු මොහොතක පමණ හෝ එහි ගොස් ගුණ ගැයුණු සොහොනක නුදුටුහොත් ඔබැ රුව එහි දිලුණු අහසක සඳක් නැති මෙනි අඳුරෙහි ගිලිණු --- සුදු පැහැ ඇදුම පැලටත් මැදුරටත් හුරු නඳු නුයනෙහි මලක් මෙන් මදු සුවඳ දැරූ කදු හෙල් නොඹා ගිය කවි මුළු වලට ගරු සඳු මෙන් ඔබැයැ සිටි කවි නුබ ගැබෙහි හිරු --- පත්තර පුවත් සගරා කවි පොත් දැයට සිත් තම් කර පිදූ ඔබ සුළු මුදලකට සිත් සන්තොසින් ගෙන දුටු දුටු විට අතට අත් පොත් කරති දරු දැරියෝ අද එමට --- පවනට නිවෙන මුදු සිසිලක් ගෙන දෙන්න සවනට හදවතට මුදු සුවයක් වෙන්න ගිමනට දිය පොදක් වී සරතැස ලන්න නිවනට කලින් නොගොහින් යළි මෙහි එන්න 17/8/2023
කවිය බලන්න