හුදකලාව...

හුදකලාව...

ලලනී ගීකියනගේ රත්නපුර

දරා ගන්න බැරි ,දුකක් රිදවනා..... පුරා දෙනෙත් අග ,කඳුළු දැවටුනා... දරා අහස කළු වළා පෙලක රැඳි... වරා මලක සේ , සුළඟේ පාවී යන්නට සිත් දේනම්... නොයනු මැනවි පාවී...! විරාගික සිතුම් ,හද ගැබ රඳනා.. නුරා හැඟම් සිත , මනමත් කරනා... අරා ගගන , මදනලේ සුවය විඳි.. සරා සඳක සේ ,අඳුර නසා පායන්නට සිත් දේනම්.... නොඑනු මැනවි පේවී...! ගිමන නිවන්නට , පිනිබිඳු වැටෙනා.. සෙවන ලබන්නට ,මහ රුක් වැවුනා.. නැගුන කඳු මුදුන ,ගිණිගෙන දැවෙනා.. ලැබෙන ඉඩක් ,සම්මතය නොවුන කල .. දෙසිතම පෑරේ නම්... හිඳිමු සිතින් තනිවී...! ලලනී ගීකියනගේ. රත්නපුර. 2023.05.28
කවිය බලන්න