ශ්‍රී රත්නය කව් තුමා

ශ්‍රී රත්නය කව් තුමා

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ගිරි මුදුනට පායා එන අකුරු රුසිරු සඳ
පිරිසිදුවට සිත් සෝදන ඇදුරු මියුරු සොඳ
සිරි අසිරිය රසබර කළ සොඳුරු එ ගුරු හද
නිරිඳෙකි කවි වයමි ගදඹ මහරු කවිරු වැඳ

මුවරද වේ සුවඳම වේ රසය උරාගෙන
සවනොද වී ඇල්මෙන් වී
අකුරු උගෙන ගෙන
පැහැනද වූ කව් කියවූ
අසිරි සරාගෙන
නතරද වී නෙලුමක වී
වැවක ගුණයගෙන

නෙත් දෙකකින් හිත් එකකින් කියවා රස බස
පෙත් සහකින් ලෝ දැක
අප මැව්වා නෙක රස
රත්නය වී කව් නදියේ පත්ලෙන් එන ලෙස
සත් සියවසකට ගනු මැන මහරු ආයු කිස

ජූනි 2 වැනිදාට යෙදෙන රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ජන්ම දිනය නිමිත්තෙනි !

කවිය බලන්න