කවි ඉසිවරයෙකුගේ වරුණ...

කවි ඉසිවරයෙකුගේ වරුණ...

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

වල ගැසුණු දිවිමගේ අහිමිකම් දිරි කැන්දු හෙළ පැදියෙ නියං බිම වස්සානෙ තෙත රැන්දු පළ හැඟුම් ඉඟි රසින් පෙරා පන්හිඳ බැන්දු දොළ පුරන රසික සිත ඉහින ගී කිරි බින්දු රත්නයකි සහිත ගඟ පතුලෙ සිට ඔප වැටුණු ස්වප්නයකි මවන ලොව කවි රටා හැඩ වැටුණු සිප්විතකි තක්සලා ආදුරුස රස වැටුණු අසපුවකි ඔබෙ මැවුම් දැහැනකට මග වැටුණු සුදු නෙළුමකට එදා සොරබොරදි පණ පෙව්ව විදු කැලුම සුනිමලයි දිනිඳු ලෙස ගී පව්ව කඳු නොවී පාමුළ ම විලක සිසිලස කැව්ව වඳු යුතු ම ඉසිවරෙකි කටු මතින් මල් මැව්ව ( ජුනි 02 වන දිනට යෙදෙන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙනි ) කේ.පී.එස් සචින්ත්‍රා , හෝමාගම , ඉතිහාසය විශේෂවේදී , රුහුණ විශ්වවිද්‍යාලය .
කවිය බලන්න