පෑන

පෑන

අනුර හෑගොඩ

පෑන 1 විසි කළෙමි කාබන් පෑන ලාවට ලියැවෙන අලුත් පෑනක් ගෙන තදින් ලිය යුතුය ලාවට ලියැවුණු වචන උඩින් පෑන 2 ලාවට ලියැවෙන කාබන් පෑනකින් ලියා දැනවිය හැකිවෙද එරන්දතියට මම හුඟක් කේන්තියෙන් බව පෑන 3 (සිතිවිල්ලක ආයුෂ මොහොතයි) ලිවිය යුතුය ලිපියක් හොඳ දෙකක් කියා ලුණු ඇඹුල් ද දමා නිකම්ම නිකං එරන්දතියට මේකද යහපත් ප්‍රේමය ඉද්ද ගැසුවා සේ නැගිට සරම තදින් ගැට ගසා ලක ලැහැස්ති වෙමි ඇඟිලි තුඩු කෙරවලට ගත් ආවේගය මිරිකා ගෙන නොලියවේ කරුමක්කාර පෑනෙන් තීන්ත ඉවර වී අළුත් පෑන ගෙන කොලය මත තබා කල්පනා කරමින් සිටිමි තවමත්..............
කවිය බලන්න