පිනි කිනිත්තක් හැඩවෙලා ...

පිනි කිනිත්තක් හැඩවෙලා ...

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සීතලම සුන්දරම දවසක , පිනි කිනිත්තක් හැඩවෙලා පොරෝගෙන එන හීතලෙන් , ගුලිවෙලා යලි ගුලිවෙලා තුරුළු වුණු ආදර හැගුමකින් , මතක ඇත යලි ගුලිවෙලා .... ගැලවිලා කොල ගැලවිලා, කැලැන්ඩර් පිටු ඉගිලිලා ආයෙමත් ඒවිද ඇවිදගෙන , තුරුණු විය යලි පියඹලා යන්න ඒ සොදුරුම අතීතෙට, යමුද අපි අත් අල්ලලා සුසුදු සුසිනිදු මුව පුරා, විසිරි විසිරුණු මල් හිනා හෙටත් උදයම පුබුදුවන්නට, සලනු මැන ඒ මල් හිනා ජීවිතේ පිණි මල් වහින්නට, පැතුම් ගෙනඑයි වාසනා .....
කවිය බලන්න