වැන්දඹුවක් මි

වැන්දඹුවක් මි

නිශ්ශංක දිද්දෙණිය

දනිමි ඉඳුරා මියෑදුණු වග මිදී ආවත් හිමියනේ ඔබ ඔබ සොයා ගිය සෙනේ පාසෙන් කඩතොලු ය පිළි වදන් අටුවා වෑස්සෙන මුව'ගින් ඔබේ පිණි පොදක් පමණි එය දැවෙන ළය මඬල මත ***කිරි සිනා ඉතිරෙනා යහන මත නො වින්දෙමි සෙව්වන්දි අතුරනා සුව සහන ඇබිත්තක් එකම එක දිගු රැයක ඉගිල්ලුණු කාලයක් පමණි එය නුදුටු හිරු දිවි අඹර ****විවර කෙරෙමි ද වැසුණු දොර'ගුළු හද පැලේ? ගොදුරු ලොබ බැඳි මිනිස් රකුසන් ඉව පෙවූ අවසරින් කිළුටු නූ යෙන් අරාජික කුටියක විරාමය ****දිරි දරමි වෑයමින් පහ කරන්නට හද ගැබෙන් පිළි සිඳුණු කලල රුව හිමි අහිමි ළඳකැයි තරව වැද පෙරළි කරමින් හද දවා හළ.....
කවිය බලන්න