රාමු කරපු චිත්‍රය.

රාමු කරපු චිත්‍රය.

තුෂාරි ජයසිංහ මහනුවර

කඳු මැදින් ගලන මනහර සුනිල් දිය දහර අහසට සම කොළපාට මුසු ගඟ අසබඩ පිපුනු මල් සුදු පාට කෙකටිය ඈත සිට පියඹන මාල පැළඳුව ගිරා ජෝඩුව අසල උස ගස පැතුම් මල් පිරි පහුරක් හරි මැදට වන්නට රිටක් දෑතින් ගෙන පදින නහර ඉලිපී කර ගැටත් මතු වුණ සුම්බරයක් පැළදි කළු වත ලස්සනට පාට කළ උඩු සුළඟ රැළි කපාගෙන යන ගඟ දියත් පහුරත් රිදෝගෙන හිරුට නිරුවත් පිටට විසිවුණ බිඳිති දිය පොද සිසිල විඳිම්න සුපැහැදිලි වීදුරුවකට යට කළ ඇන්ටික් බ්‍රවුන් පාටින් රාමූ කළ මිළක් නියම කළ නොහැකි චිත්‍රයක වකුටු මිනිසෙකු සිටියෙ එඩිතර
කවිය බලන්න