අම්මා

අම්මා

චමිලා නවගත්තේගම ලන්ඩනය

සසර දුක් කදු එකට උසුලා හැම දිනේ බර කර දැරූ අදර පෙම්මා දිදී ලැමදේ පෙව්ව කිරි වල රස පිරූ වැහිර ගිය මුත් කුසට නැති ඇය අපේ බඩ කට සරු කෙරූ ගෙදර බුදු මගෙ නිවන අම්මා සදා මා හද රැඳි විරූ පුරා සෙනෙහස ලබා දුන් මව දැවී ලෝකය දකිද්දී ගරා වැටුනත් සිතේ සිතුවිලි බලා පෙරමන් පුරද්දී දරා දරු දුක ළයේ තද කර හොවා සුසුමන් හෙලද්දී නුරා නෙතු ලඟ සිනා කැන්දයි නු⁣ඹේ සතුටද ගෙනෙද්දී නැගෙන පිවිතුරු උතුම් කරුණා ළයෙහි හද පිරි සිනහ රන්දා එරෙන කිරි වල බිඳක් ගානෙම මවගේ සිත තුටු රනින් කැන්දා ගඟන තලයේ දිලෙන තරුකැට වගේ ඇය මා නෙතින් බන්දා සිතන කිසිවෙක් ලොවේ නැතමට නුඹයි අම්මා සෙනෙහෙ දුන්දා
කවිය බලන්න