සංගායනා!

සංගායනා!

අසංක රුවන් සාගර

සංගායනා! චෝදනා 1 ........................................... ඇයි උන්නාන්සෙට මඩ වතුර බොන්න දුන්නෙ? "පිපාසයි ආනන්ද" නිවෙන්නට කලින් බුදු පාන ඉරා සිවුරෙන් රෙදිකඩ පෙරා ගත්තා ඇත්තයි කැළඹී ඉහිරුණ කුකුත්ථා නදියේ දියවර ඒත් එවෙලෙත් ඒ ඇස් නිසලව තිබුණ අන්දම "පිපාසයි ආනන්ද" ඒ ගිලන් වූ කටහඬ ඇවැතක් උනා නම් අවසර! චෝදනා 2: ........................................... ඇයි බුදුන්නෙ දේහය පිට කාටවත් පෙන්නුවෙ? පිරිමි අපටත් නොවුණුකොට; .......................................... කුසිනාරා සල් ගස් මල් එකින් එක විසිකළ ඒ අසලමයි චිතකය මට මතක නෑ ඔක්කොම සඳුන් දර උඩ රන්බඳ රාජ අනුග්‍රහයකි, මළගම බවලතියො ඇහුවෙම "පුරුෂ ලක්ෂණ ඇත්තද ?" නොදැනුණා නෙවෙයි මට ඒ අහන්නේ තිස් දෙකෙන් එක දෙයක් ගැන වග සහතිකයි .. චීවරේ ඉස්සුවෙම රන්දෙණට හිතින් වැඳ වැඳ දැන් ඔබට පුළුවන් විනය පිටකේ නඩු පොත පෙරලන්න රිසි ලෙස.. "පිපාසයි ආනන්ද" ඇහෙන්නෙම ඒ කටහඬ !
කවිය බලන්න