මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා

මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා

අශෝක හඳගම

මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා ඒ වසන්තයේ. මීට වඩා කුරුළු ගී ඇසෙන්න ට තිබුණා ඒ වසන්තයේ අප මුලින් මුණ ගැහුණු ඒ මධුර වසන්තයේ... මීට වඩා මඳ සුළං හමන්නට තිබුණා ඒ ගිම්හානයේ මීට වඩා උණුහුමින් වෙලෙන්නට තිබුනා ඒ ගිම්හාන යේ අප හෙමින් ඇවිද ගිය ඒ සොඳුරු ගිම්හානයේ මීට වඩා බොහෝ වැසි වහින්නට තිබුණා ඒ වස්සානයේ මීට වඩා ඉකි බිඳුම් ඇසෙන්නට තිබුනා ඒ වස්සානයේ.. අප අපෙන් වෙන්කෙරුනු ඒ අඳුරු වස්සානයේ මීට වඩා ගැඹුරු විල් මිදෙන්නට තිබුණා ඒ ශීත සිසිරයේ මීට වඩා බිඳුණු සිත් රිදෙන්න ට තිබුණා ඒ ශීත සිසිරයේ අපේ හිත් ගල් ගැහුණු ඒ අඳුරු සිසිරයේ
කවිය බලන්න