හිතා ගන්නට බැරි තරම් ...

හිතා ගන්නට බැරි තරම් ...

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

හිතා ගන්නට බැරි තරම් අද එදා බැතියෙන් මෙහෙණි සගමිත් වැඩම කළ මහ බෝ සමිදු අප අදත් බුදුගුණ කිරණ සිලිලාරයි සුදු වතින් සැරසිලා පිදු කුසුමන් දිවි ගමන අනියතය යන අභිමන් අරි අටග මග සුසැදි පිළිවෙත මැදුම් අම නිවන වෙත ගියේ දුරලා බැදුම් මග නොමග නො හදුනනා දනෝ පිළිවෙත් මගින් ආමිසට ගිජු වුණෝ බුදු ගුණ බලෙන් මහ බෝ සමිදාණෝ නිසි මගට යොමු කරණු මැන කරුණාවෙන් එදා රජ දරුවන්පිදූ බැති පිදුමන් අද කෙරෙන්නේ විලස අති සොබමන් මුදා විපතින් මෙලක පුරවැසි දනන් සදා රැක දෙනු මැනවි බෝ සමිදුන්
කවිය බලන්න