මෙහෙණි දුවට අම්මාගෙන්....

මෙහෙණි දුවට අම්මාගෙන්....

ප්‍රේමචන්ද්‍ර රූපසිංහ නුගේගොඩ

දෙපා ළඟ ඇද වැටෙන කිතුල් මල් දෙනවන් දිගු මුහුල කපා බිම හෙළන විට මට නැවත විලිරුදා වැළඳ සිහිසන් වුණා පියවි නෙත් හැර නැවැත ඇගෙ මුහුණ බලන විට සුදු නළල හැඩ කෙරුව ඇහි බැම්ම හූරලා පෙණ දමපු මැටි කොරහෙ පාවෙනව පැලේ මල් පලගත්ත දින දෙනෙත් පියා අප හැර ගිය අප්පච්චි පළඳවපු තෝඩු දෙක මැටි කොරහෙ දිලිසෙනවා දියණියනි කෙසේමම නුඹේ වත දකින්නෙම්ද? දිගු සසර ගොඩ වන්න මටත් එතරට යන්න දුවේ නුඹ මෙහෙණි වී නුඹේ දෑත මට දෙන්න සඟමිත් මෙහෙණිගේ මෑණියන් වහන්සේ මට වගේ දුක්සුසුම් වා තලයේ පියන් ඇති ඒ පිහිට නෙත් යොමා නුඹේ දෙස බලනු ඇත කරුවලේ පිට නොගොස් කුටිය තුළ වැඩ ඉන්න ඔබ ඔබා ඔබ හිටිය ජංගමය තුරුළු කර ඔබ නිදා සිටි ඇඳේ මම වැතිර සිටිමි දුව
කවිය බලන්න