මල් පියලි සිව්පද කිවිපති ඩැනියෙල් බොතේජු

මල් පියලි සිව්පද කිවිපති ඩැනියෙල් බොතේජු

ශාස්ත්‍රපති කිවිපති නන්දසේන පලිහක්කාර කොළඹ

දැක පෙර ගමන කවි ලොව යා යුතු පාර දුක සැප සමබර ව සැසදුව මන හාර සැක සුව "මල් පියලි" සිව්පද රස දාර එක මුතු කවි මඟකි "අතකස "නිජ ආර කවිකම උරුමැති ව ජීවන රටාවට රණබිම පුරුදු කිවි ඩැනියල් බොතේජු ට නිජබිම පිදුම් අඩකුඹු දද නැගී සිට විරුනම බුහුමනකි රණවිරු සොබාවට පන්හිඳ හුරුව කවියට නව කතාවට දුන්හිඳ ඇල්ල හිටිවන කවි ගෙතීමට රන්කඳ කොහිලවත්තේ ගම් පළාතට පෙම්බැඳ පුබුදු කළ කවියෙකි දිනූ රට කවි පරපුරට පවුලේ දරු සෙනෙහසට දිවි මඟ කැප ව එකඟව සිය අදහසට පිවි තුරු සිතැඟි විහිදුව දෙස බස රැසට සවි බල රණහඬකි ජාතික නිදහසට දිනි සුරු කිරණ විහිදා ළය අබිමානේ ගිනි අවි යට ව පැතිරුව තෙද කවි පෑනේ තනි කම මකා ගත් පදරුත් සඳ පානේ විනි විද අරුත් පිටුවකි කවි රජ දානේ මහ පුරුකක් බිඳී රිටගින් කොළඹ කවී දහ මක දුක දැනේ කවි ලොව පපුව දැවී ඉහ සංසිඳී තුන් සිත් ගන අඳුර නිවී සිහ සුන හිඳිනු මැන තුන් ලොව දිනන සවී
කවිය බලන්න