වෘක්ෂ සිතිවිලි ...!

වෘක්ෂ සිතිවිලි ...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

වනේ වසන හතුරෙකුටත් ඒ වගේ විපත්... අනේ නොවේවා පතනෙමි, රිදෙනවා හදත්... සෙනේ පපා ලඟින්ම හිටි යාලුවෝ අදත්... මනේ ඇඳී යනවා මගෙ, රිදවලා හිතත්... කඳ බඩ මහතට තිබුණා කියා ඒ අයත්... ඉඳ හිට බැලුවේ මා දෙස කරලනේ පහත්... හඳ අල්ලන්නට තරමට උසගියේ නමුත්... විඳවලා කැපී මුලින්ම , යැවුනෙ දී දුකත් ... වියපත් වී වාරු නැතිව ඇද වැටී නමුත්... දිය වන කඳ පොලවට පස් වන බැව්ද දැනත්... බිය නැතිවම ඒ සොබාව දර්මයම වගත්... නියම ලෙසින් දැන ගතහොත් එයමවේ සැපත්...
කවිය බලන්න