නෑගම් ඇවිදින් තංගච්චී

නෑගම් ඇවිදින් තංගච්චී

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

වට්ටි  -  පෙට්ටි  ගෙනල්ල තල් හකුරු පිරිච්චී දිගු - රතට - රතේ මිරිස් කරල්  එහි ම වැවිච්චී අපේකමට හැදුණු ලූණු “බොම්බෙ” නොවිච්චී යාපනේ    ඉඳන්    නෑගම්    ඇවිදින්   තංගච්චී මොට්ටු තියල කොන්ඩෙ ගොතල දිගට වැටිච්චී දුර ඔට්ටු  දුවල  මට්ටු  වෙන්න  කකුල  කැඩිච්චී “කට්ටු”   පුරල   පියත්   එක්ක   රංඩු    හැදිච්චී අම්ම    එක්ක    තංගච්චී     මෙහෙට      පලච්චී ලූනු - මිරිස් - හාල්මැස්සො කොට්ටුකෙලෙන්ගුත් ගෙනා ඉට්ලි  -  වඩේ  -  ඉස්සො  දාල  කෑම  වට්ටි  බැඳ   සිනා දොලක්  මවා - අකුරුවලට  අමුණ - අමුණ   දුන්    මනා සිලක්   වෙලා   හද  පහනින්   දෙවුන්දරට      ආ    නියා “යාල්”  කියනු   වීණාවට  වාදකයා  “පාණම්”  වෙ   ය “යාල්  පානමේ”   සිට    තංගච්චි   ආවෙ     දෙවුන්දරට “ගුත්තිල - මූසිල” වාදය එහෙත් - මෙහෙත් තිබුණු බවට “ඉතිහාසයෙ” තිබුණත් මිතුදමක නැහැනෙ  ඒ සැක-බිය තංගච්චී  නංගියෙ  මේ  තරමට   ලොකු  තෑගි  ගොඩක් දුකයි  මගේ  හද  නුඹ  ළඟ  වෙච්චි  මහන්සියට  හුඟක් සැනසෙච්චි අප හැමත් දෝරෙ ගලා සෙනෙහසේ ගඟක් හිච්චි  නගා  ආවැයි  ආදරෙත්  අරන්  බොහො  ම  දුරක් කොළොම්පුරේ  ඉඳන්   රුහුණු  කුමාරියේ  මාතරට    ම තල්අරණේ “අඩෝවැඩිය” කොයි-පොල්අරණට ගියා ම සම්බෝලෙයි  ඇඹුල්තියල්  සමඟ  සිහල  බත් තිබුණ  ම රස  දැනේ  ද “පේදුරුතුඩු” – “දෙවුන්දරින්” බත් කෑව ම පෑනෙ  මිතුරුකම  හන්දා  නොදැක  කල්පයක් වුණාට කා‌ලෙ  හතුරුකම  හන්දා  යන  -  එන මං නැති වුණාට තාන-මාන නැති කරලා සෙනෙහස මෙහි ගොඩ වුණාට ඊටත්  වැඩියෙන්  කැමතියි  දෙවුන්දර   දි   හමු   වුණාට කැවුම් - කොකිස් - මුං - අලුවා- දෝසි-දොදොල් රස තියලා පොල්රුප්පෙට සමු දෙන දා- මං  දෙන්නං  නම  තියලා මෙහෙට නාපු තාත්ත දැක- බලා  ගන්න  කල්  තියලා අප එනවා නෑගම් පේදුරු- තුඩුවට    පෙම්      බැඳලා! 1.8.21
කවිය බලන්න