අනේ කුමට පිපෙනවාද අහක බලන මල්

අනේ කුමට පිපෙනවාද අහක බලන මල්

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

පිපෙන පිපෙන මල්- පිපී සැලෙන මල් සුවඳ දිදී නටු අග සුළඟට නැළැවෙන මල් බුදුන් පිදෙන මල්... දොහොතට ගත් මල්-බුදු පතුල සිඹින මල් සනහා සිත් මල් නිරතුරු හදේ නිදන මල් මිලායාති මල්... ගම සුපිපෙන මල්-හද කළඹන මල් අනේ කුමට පිපෙනවා ද අහක බලන මල් සිත රිදවන මල්... වනස්පතිගෙ මල්-නෙත් නොගැටුණු මල් පරිසර සුර දූතිකාව සිප සනහන මල් වන තුළ පිපි මල්... හිමව් වතක මල්-හිරුට හ`ඩන මල් අරටු ගැසී ගිය නටු අග එතී මිදෙන මල් සනසයි හිම මල්... සුදෝ සුසුදු මල්-නමට පිපෙන මල් හිරුට හොරෙන් සඳුට පිපී මියැදෙන සුදු මල් එමල් කුමුදු මල්... පිපෙනවා ලු මල්-ලොව සනහන මල් අප නොදකින හරි ලස්සන දෙව්ලොව ඇති මල් ඒ පරසතු මල්... මගෙ හද තුළ සල්-කෝප රාගි මල් ඉසිකෝ මෝ කෙළෙස් සපිරි ජවන් සිතක මල් බවුන් වඩන මල් ....!
කවිය බලන්න