කාල සංක්‍රමණ

කාල සංක්‍රමණ

මාලතී රූපිකා පුංචිහේවා

පාලමකි එය පොත් බර කර මතට දී අපි එගොඩ මෙගොඩ වූ අතර මැද මඳක් නතරව රළ මත දඟ පෑ මින් කැළ ගණනය කෙරූ පාලමකි එය අතිනත පටලවා අපි එගොඩ මෙගොඩ වූ අතර මැද මඳක් නතරව සිසි කැන් රළ හා බද්ධව නැළවෙන'යුරු දුටු... පාලමකි එය අත් වාරුවට බර දී අපි එගොඩ මෙගොඩ වන අතර මැද මඳක් නතරව ඉම කරා ඇදෙන ඔරුවක් දෙස බලා සිටින. Photo Credit:Isaac Mehegan
කවිය බලන්න