අනියතයි ලොව

අනියතයි ලොව

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

දුමිඳු නමදින දෝත නංවා බැතිනි තුරුමව් වඳින්නේ දිනිඳු නැගඑන පැයේ කිරි කට්ටියේ මම කිරි දොවන්නේ සුමුදු තුරුබඳ පලා පොල්කටු පුරා සොම්නස පිරෙන්නේ සුසුදු කිරිදිය තමයි ගෙපැළ ට රැයේ උණුබත් ගෙනෙන්නේ පිබිද දුක් පැදුරෙන් උදේ තුරු වටා පැදකුණු කරන්නේ මහද මුමුණන සෝ දුකින්මයි තුරු බඳට කිරි එරෙන්නේ නැමද දෝතින් රැගෙන ඒ කිරි හිසින්මයි වැඩමවන්නේ සුවඳ දුම් දී පහන් දල්වා නැතත් තුරු දෙවි පුදන්නේ දුබල වී ගත මැරුණු මා- ඔබ එකම සෑයෙයි නිදන්නේ නිසළ මා ගත දවා රුක් දෙවි එක්ව මා හා දැවෙන්නේ සකළ තුරුලිය, දෙව්,මිනිස්, සත්වගත් නෑ ඉන් මිදෙන්නේ නිමල බුදුහිමි දෙසූ ලෙද අනියත බවයි ලොව තියෙන්නේ
කවිය බලන්න