උත්තම පුත්තු

උත්තම පුත්තු

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

වැදුවා මව් පුතුන් රහසෙ ම මගෙ ලේ බිඳු -බිඳු ව අරන් බලාපොරොත්තුවෙ උස්-මිටිකම නොබලා සමව දරන් කර උස් යන අත-පය ලොකු වෙනකොට නෙත්දෑලෙ තියන් කුස පුරවා අඩු නැති “කළ-සතකට” කිරි දොවා රුවන් පුතුන් රකින්නට පළච්ච මගෙ ගත දහිරිය වැටිච්ච ඇතුන් වගේ කන-බොනකොට කිරි මදි බව සිත දැනිච්ච රටුන් කතා නොම අහන්න කුඹුරු-හේන වල්ගැහිච්ච වටින් පාත් වෙනතුරු කලුවර මගෙ දෑතින්කෙටිච්ච උදේ-දවල්-රෑ පැල්කොටයට වී මගෙ කල ගෙවිච්ච පදේ-පදේ අමුණා පැල් කවි කිව් මගෙ කට පිරිච්ච කදේ බඳින්නට “බෝ” වැඩි වෙන විට මගෙ සිත හැදිච්ච වදේ වින්ද ගියෙ නුඹලගෙ වත දැකුමෙන් ඇඟ තැලිච්ච දුක්පත්කම හිතේ තියන් අර-පිරිමැස්මෙන්කෙරිච්ච පොහොසත්කම හිතේ තියන් ගේ-දොර හැඩ-වැඩ දැමිච්ච මනුස්සකම හිතේ තියන් දරු කැළ යහමඟ ගෙනිච්ච ගුණවත්කම හිතේ තියන් ගුණ ගරුක ව උන් හැදිච්ච සමාදානයෙන් සැම දා බෙදා-හදා කෑව - බිව්ව පමා නොවන්නට වැඩ-කටයුතු නිසි කලට ම කෙරෙව්ව කමා වෙලා සිතා-මතා නොකළත් වරදක් ම සෙව්ව නමා හිස් දෙපා මව් ළ`ග කමා ඇයැද සිත පිරෙව්ව අකුරට ගි‌යෙ හැම දා අලස ව නොම සිට ගෙදරට වී තරගෙට නැත කිසි දා උන් හැදුවේ යන්නට ඉගි ලී සතරට සිත දී නිරතුරු උගතුන් වෙන්නට මතු වී ගම-රට - ජාතිය - ආගම රැක ලක ඉන්නට බැබ ලී ලක රණ’ඹර රකිනට නැණ දිරිය-විරිය ලැබ ගන්නයි ලක වට දිය’ඹර රළ බි`ද රුපුන් හඹාගෙන යන්නයි ලක මැද “එක්-සේසත්කොට” එක් ධජයක යට ඉන්නයි ලක පිවිතුරු පුතුන් දෑත් රට වට “යදමක්” වන්නයි මව් - පිය නම් රන්දා රට - දැයට දැයක්වෙමිනා සව් - සිරි දුව කැන්දා නිවෙසට පහණක්වෙමිනා පෙව්-කිරි ක`ද නිම්මා මව්-බිම රැක රජවෙමිනා සව් - දිය නිති රන්දා මිහි කුස තුළ සැඟ වෙමිනා ඇස හිස මස ලේ මදි තැන දිවිය ද දී සමු ගනිද්දි බැස පසු අත් පා අහිමි ව දහස් ගණන් ගෙට ගෙනෙද්දි රැස අතැර ව නොයා නොබිය ව ම සටනට මුහුණ දෙද්දි එ පුතුන් හිමි මව්-පියවරු තැන-තැන ලක කඳුළු බොද්දී මාරක සටනට වැද මිය ගිය පසු ස්මාරක හැදේවි දාරක පෙම සිතේ තිබෙන තුරු ඒ මල් පිපේවි ආදර දූ -පුතුන් මත්තෙ මව්-පියො සිත් තැවුල් දේවි සාගර දළ පරදන උණු කඳුළු බිබී උන් හිඳීවි
කවිය බලන්න