නො එන ගමන්...

නො එන ගමන්...

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

හිරුට කලින් අඳුර නසන සඳ එළියෙන් ළිප මොළවන හෙන්දිරික්ක කැකුළු පිපෙන පාන්දරකි ඇය හිනැහෙන රටල බතල රස සසඳන කොහිල පලා ගුණ හඳුනන කොස් දෙල් පිස දිව පිනවන කුස් පිරවිය ඇය දින දින නැති බැරි කම් අපට නොදෙන තනිවම කඳුළින් පිසලන මව්වත් බව හද උතුරන ඇය විය මිහි පිට දෙවඟන ඇය කොහි ගියෙදැයි නොම දැන මඟ බලමින් දෑස් රිදෙන දින සති තව ගෙවෙයි නිතින ඒ ගිය ගමනක්ද නො එන
කවිය බලන්න