සිසිර වෙසින් එන මතකය

සිසිර වෙසින් එන මතකය

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ගිනියම් ගිම් නිවන් මා හද තුළට වැද අනියම් නිම් නොමැති කුටියක දොරටු බිඳ මනරම් වම් හදේ පිරිසිදු රුධිර කඳ මොනයම් පෙම් කවින් සිහිලැල් කළෙද ලඳ පිපෙනා ඉල් මසට ක්‍රිසියැන්තම් මලෙක ඇඳෙනා රත තිබේ දෙතොලම තිබු තැනෙක ලියෙනා බැවින් ඒ ගැන ඉඳ හිට කවක නොමනා නේද අවුලන එක ඒ මතක හිම විද පලා එයි උදයේ හිරු කැරළි මම විඳ තිබෙන හිරු මේ හිමයෙත් යෙහෙළි නිම නැති සිසිර සුළඟෙන නගනා සරෙළි එම එක සුළං කෝඩෙක නුඹ ඇති කොමළි Photo; from Maynu's garden
කවිය බලන්න