යකඩ පෙති....

යකඩ පෙති....

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

තාත්තා නොඑන්නට ගියදාක අතුරේ.... අඟුල් මල් පිරිතකට ඉඩ තියා නුදුරේ.... වේදනා දරාගෙන රුදු කැපුම් අතරේ... පොල් කටුවකට කිරි දොවයි ගස් ඉඳුරේ... කිරි කපන කල ඈ ගස් වටේ කැරකී... දුරින් හිඳ බලන විට හැංගිමුත්තමකී.... හොයන්නට කෙනෙක් නැති උනත් සෙල්ලමකී...ජීවිතය හංගගෙන ඉන්න බැරි දුකකී.... අම්මාට තනි රකින ගෙදර පොඩි පුතෙකී... ඉඳ හිටක කන වැකෙන තව ගැහැණු හඬකී.... පුංචි හිත නිහඬවම අසන පැන රැසකී... ඇසිය යුතු තැන නිහඬ වීමමද දුකකී..... " දැං මාස තුන නේද.. බර එහෙම හරිද..."? " යකඩ පෙති, කැල්සියම් වෙන වෙනම බොනවද.? ----------------------------- "මිඩ්වයිෆ් නැන්දෙ ,මට පිලිතුරක් දෙනවද"...? "යකඩ ගැහැණියකටත්, යකඩ පෙති ඕනද....?
කවිය බලන්න