කඩිනමට නික්ම යනු යෙහෙකි බව මට සිතේ !

කඩිනමට නික්ම යනු යෙහෙකි බව මට සිතේ !

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

දකින විට හැරෙන අත වනසමින දැයෙ සෙතේ වියතුනට නො නැඟි කල අනතුරෙහි ඉඟි සිතේ උරුම සෙට සුරැකුමට වැගිරු ලෙය දස අතේ විරු කුමට කැප වුණි ද පොරණෙ මවු බිම මතේ ? දිනු දැයට නොව රුපුට නිති සැදෙන මං පෙතේ සිය බසට - අපෙ කමට කිසි දු අගයක් නැතේ දකින විට නසන'යුරු දැයෙ උරුම හැම අතේ කඳුළු කැට නොම නැඟෙනු කිම ද පුත, නුඹෙ නෙතේ ? පර කමට නැමෙන දන දින දිනම වැඩි වෙතේ හෙළ බසට කණකොකකු හැඬුම වැඩි දුර නැතේ දැක නෙතට, වෙන විපත, නොමැත පල දිවි පෙතේ කඩිනමට නික්ම යනු යෙහෙකි බව මට සිතේ !
කවිය බලන්න